ජනපතිවරණය:නිලඡන්ද දැන්වීම්පත්‍රිකා 84%ක් බෙදාඅවසන්

ජනාධිපතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා 84% ක ප්‍රමාණයක් බෙදා අවසන් - තැපැල් දෙපාර්තමේන්තුව

by Staff writer 14-09-2024 | 7:39 AM

COLOMBO (News 1st) - ජනාධිපතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා 84% ක ප්‍රමාණයක් බෙදා අවසන් කර ඇතැයි තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා සඳහන් කළේ , නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා එක්කෝටි හතලිස් පන් ලක්ෂයක් ඒ අතර වන බවයි.

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වෙත ගොස් බෙදා හැරිම අද අවසන් කරන බව ඔහු ප්‍රකාශ කළෙ ය.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පැවසුවේ, මෙතෙක් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු පුද්ගලයින්ට ලබන 18 දා සිට 21 වනදා දක්වා ළඟම පිහිටි තැපැල් කාර්යාලයෙන් අනන්‍යතාව තහවුරු කර ඒවා ලබා ගත හැකි බවයි.