කන්කසන්තුරේ - අනුරාධපුර අතර දුම්රිය ධාවනයට බා‍ධා..

කන්කසන්තුරේ - අනුරාධපුර අතර දුම්රිය ධාවනයට බා‍ධා..

by Staff writer 18-09-2024 | 6:54 PM

COLOMBO ( News 1st ) - දුම්රිය නියාමකවරුන් පිරිසක් සේවයට වාර්තා නොකිරිම හේතුවෙන් කන්කසන්තුරේ අනුරාධපුර අතර දුම්රිය ධාවනය ඇනහිට තිබේ.

අනුරාධපුර දුම්රිය ස්ථානයේ නවතා තිබු යතුරුපැදියක හිස්වැසුමක් නැතිවීම පදනම් කොටගෙන නියාමකවරුන් සේවයට වාර්තා කර නොමැති බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ඒ.ජේ.එම්. ඉඳිපොලගේ මහතා සඳහන් කළේ ය.

ඒ අනුව අද (18) උදෑසන සිට දුම්රිය ඇනහිට ඇති බව ද ඉඳිපොලගේ මහතා පවසයි.

මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් නිව්ස්ෆස්ට් දුම්රිය නියාමකවරුන්ගේ සංගමයේ සභාපති එම්.එස්.කේ තිලකරත්න මහතාගෙන් විමසීමක් කළේ ය.

යතුරුපැදි නවතා ඇති ස්ථානයේ ආරක්ෂාවක් නොමැති බව ඔහු සදහන් කළේ ය.

එම ස්ථානයේ තිබී නියාමකවරයෙකුගේ ආරක්ෂිත  හිස් වැසුමක් නැති වී ඇති බව ඔහු ප්‍රකාශ කළේය.

ආරක්ෂිත ස්ථානයක් ලබාදෙන තුරු නියාමකවරුන් සේවයට වාර්තා නොකරන බව එම්.එස්.කේ තිලකරත්න මහතා පැවසුවේ ය.