ජනාධිපතිවරණ රාජකාරි වෙනුවෙන් විශේෂ දුම්රිය සේවාවක්

ජනාධිපතිවරණ රාජකාරි වෙනුවෙන් විශේෂ දුම්රිය සේවාවක්..

by Staff writer 19-09-2024 | 6:22 AM

COLOMBO (News 1st) - ජනාධිපතිවරණ රාජකාරි වෙනුවෙන් කොළඹ කොටුව සහ කන්කසන්තුරය අතර විශේෂ දුම්රිය වාර කිහිපයක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

ඒ අනුව මැතිවරණ රාජකාරී සඳහා සහභාගී වන රාජ්‍ය නිලධාරීන් සහ ආරක්ෂක අංශයේ පිරිස් සඳහා මෙම දුම්රියන්වල ගමන් කළ හැකියි.

අද (19) සහ අනිද්දා(21) දිනයන්හීදී කොළඹ කොටුව සිට කන්කසන්තුරය දක්වා උදෑසන 9.00ට එක් දුම්රියක් ධාවනය වනු ඇති.

කන්කසන්තුරයි සිට කොළඹ කොටුව දක්වා ද හෙට(20) සහ 22 වැනි දා විශේෂ දුම්රිය වාර 2ක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ.

මේ අතර මැතිවරණය පැවැත්වෙන 21 වැනි දා සාමාන්‍ය පරිදි සෙනසුරාදා දිනයට අදාළ දුම්රිය කාලසටහන ක්‍රියාත්මකයි.

22 වන ඉරිදා දුරගමන් සේවා දුම්රියන් ක්‍රියාත්මක වන අතර කෙටිදුර දුම්රිය ධාවනයේ යම් අඩුවක් සිදුවිය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය.