අමෙරිකාව නයිට්‍රජන් වායුව භාවිත කර මරණ දඬුවම දෙයි

අමෙරිකාව ප්‍රථම වරට නයිට්‍රජන් වායුව භාවිත කර වරදකරුවෙකුට මරණ දඬුවම ලබාදෙයි

by Chathurika Jayasundara 26-01-2024 | 2:58 PM

COLOMBO (News 1st) – ප්‍රථම වරට නයිට්‍රජන් වායුව භාවිත කරමින් වරදකරුවෙකුට මරණ දඬුවම ක්‍රියාත්මක කළ පුවතක් අමෙරිකාවෙන් වාර්තා වෙනවා 
 
ඒ, ඇමෙරිකාවේ ඇලබාමා ප්‍රාන්තයේ බන්ධනාගාරයකදී ය

පුද්ගල ඝාතනයකට වරදකරුවෙකු වූ කෙනත් ස්මිත් නම් පුද්ගලයෙකුට මෙලෙස නයිට්‍රජන් වායුව ආශ්වාස කිරීමට සැලැස්වීම මගින්  මරණීය දණ්ඩනය ලබා දී තිබෙනවා  

කෙසේ නමුත් කෙනත් ස්මිත්ගේ නීතීඥයින් පවසා ඇත්තේ මෙය කුරිරු හා අසාමාන්‍ය දඬුවමක් ලෙස සලකා මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම වළක්වන්න ලෙසයි. 

නමුත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කෙනත්ට සහනයක් ලබා දීම ප්‍රතික්ෂේප කර මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට නියම කර බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා  

58 හැවිරිදි කෙනත් 1989 දී එළිසබෙත් සෙනට් නම් කාන්තාවක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරදකරු වූ අතර, 1996 සිට මරණ දණ්ඩනයට ලක්ව සිටියා.  
 
කෙනත්ට 2022 දී මාරාන්තික එන්නත් කිරීමකින් මරණයට පත් කිරීමට සිට ඇති නමුත්, එන්නත් කිරීම සඳහා නහරය නිවැරදිව  සොයා ගැනීමට අපොහොසත් වීම නිසා එම මරණ දණ්ඩනය ක්‍රියාත්මක වුණේ නැහැ

කෙසේ නමුත් විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ, එළිසබෙත් සෙනට් කාන්තාවගේ මරණයට සම්බන්ධ අනෙක් පුද්ගලයාට 2010 දී මරණ දණ්ඩනය ලබා දුන් බවයි