අදත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි..

අදත් බොහෝ ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි -කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

by Staff writer 01-10-2024 | 9:46 AM

COLOMBO (News 1st) - දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 50 ඉක්ම වූ තරමක තද වැසි ඇති විය හැකි බවයි.