ශිෂ්‍යත්ව ඇගයීම් සති 2කට අත්හිටුවීමට උපදෙස්..

ශිෂ්‍යත්ව ඇගයීම් සති 2කට අත්හිටුවීමට ජනපතිගෙන් උපදෙස්..

by Staff writer 01-10-2024 | 11:30 AM

COLOMBO (News 1st)-ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්ෂාව සති 2කට අත්හිටුවීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා උපදෙස් දී තිබේ.

ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර ගැටලුව සම්බන්ධයෙන් උද්ඝෝෂණයක නිරත වූ  දෙමව්පියන් පිරිසක් අතර ඊයේ රාත්‍රීයේ පැවති සාකච්ඡාවෙන් අනතුරුවයි.

පසුගිය 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න 3ක් නොව ප්‍රශ්න 8ක් විභාගය පැවැත්වීමට පෙර පිටව ඇති බවත්, එබැවින් එහි පළමු ප්‍රශ්න පත්‍රයට අදාළ විභාගය නැවත පවත්වන ලෙස ද දෙමව්පියන් එහිදී ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.