කටුනායක ගුවන් තොටුපොළේදී ඔහු පිළිගනු ලැබුවේ, මෙරට ඉන්දීය මහ කොමසාරිස්වරයා හා විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් විසිනි.
ඉන්දීය විදේශ අමාත්‍යවරයා සමග 08 දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් ද දිවයිනට පැමිණියේ ය.
විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවේ, ඔහු එම සංචාරයේදි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය හමුවීමට නියමිත බවයි.
මීට අමතරව ඔහු විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ද හමුවීමට සැලසුම් කර තිබේ.