ජනපති, ජය ශ්‍රී මහා බෝ සමිඳු වඳපුදා ගනි

ජනපති, ජය ශ්‍රී මහා බෝ සමිඳු වඳපුදා ආශිර්වාද ලබා ගනි

by Staff writer 05-10-2024 | 10:27 PM

COLOMBO (News 1st) - ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පස්වරුවේ, අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳු වැඳ පුදා ආශිර්වාද ලබා ගෙන තිබේ.

අනුරාධපුරයට පැමිණි ජනාධිපතිවරයා අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නා හිමියන් බැහැදුටුවේ ය.

අනතුරුව ජය ශ්‍රී මහා බෝ සමිඳු වැඳපුදාගත් ජනාධිපතිවරයා අගමික වතාවත්වල නිරත විය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, රුවන්වැලි මහ සෑ චෛත්‍යරාමාධිපති පූජ්‍ය ඊතලවැටුණු වැවේ ඥානතිලක හිමියන් ද බැහැදුටුවේ ය.

රුවන්වැලි සෑය අභියස පැවති ආගමික වතාවත්වලට ජනාධිපතිවරයා එක්වුණේ ඉන් අනතුරුවයි.