ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය පිටවීමට අදාළව සාක්ෂි සහිත පැමිණිලි ඇත්නම් 7 වැනි දාට පෙර යොමු කරන්න - පොලිස් මාධ්‍ය ප්‍රකාශක

by Staff writer 05-10-2024 | 9:20 PM

COLOMBO (News 1st) - 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර ගැටලුව සම්බන්ධයෙන් තවදුරටත් සාක්ෂි සහිත පැමිණිලි ඇත්නම් අනිද්දාට (07) පෙර වාර්තා කරන්නැයි, පොලීසිය දෙමාපියන්ගෙන් ඉල්ලා සිටි.

මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ, තමන් අයත් පොලිස් කොට්ඨාසයේ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකක වෙත පැමිණිලි ඉදිරිපත් කරන ලෙසයි.