ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළට

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළට

by Staff writer 05-10-2024 | 5:39 PM

COLOMBO (News 1st) - ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල මේ සතියේ 10%කින් පමණ ඉහළ ගොස් තිබේ.

ඒ, මැදපෙරදිග කලාපය් ගැටුම් තවදුරටත් තීව්‍ර වීම හේතුවෙනි.

ඒ අනුව අමෙරිකානු වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල අද දැක්වුණේ, අමෙරිකානු ඩොලර් 74 යි සත 45 ක් ලෙසයි.

බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල, ඩොලර් 78 යි සත 09 ක් ලෙස සටහන් විය.