ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිවේදනයක්..

සිවිල් පුද්ගලයින් සතු ගිනි අවි, පතොරම් භාර දෙන්නැයි දැනුම් දුන්නත්, මෙතෙක් කිසිදු පුද්ගලයෙකු ගිනි අවි භාර දී නෑ - ආරක්ෂක අමාත්‍යාංශය

by Staff writer 06-10-2024 | 8:38 PM

COLOMBO (News 1st) –සිවිල් පුද්ගලයින් සතු ගිනි අවි සහ පතොරම් භාර දෙන්නැයි, දැනුම් දී පැය 48 ක් ගතවී ඇතත්, මෙතෙක් කිසිදු පුද්ගලයෙකු ගිනි අවි භාර දී නොමැති බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

පුද්ගලයින් 1500 දෙනෙකු වෙනුවෙන් ගිනි අවි 1690 ක් ගෙවුණු කාලය තුළ නිකුත් කර ඇති බව එම අමාත්‍යාංශය සඳහන් කළේ ය.

අදාළ ගිනි අවි සහ පතොරොම් නොවැම්බර් 7 වැනිදාට පෙර රජයේ වාණිජ පුපුරණ ද්‍රව්‍ය ගබඩාව වෙත භාර දෙන්නැයි ගිනි අවි භාරකරුවන්ට දැනුම් දී ඇති බව එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ ය.

මින් ඉදිරියට බුද්ධි අංශ වාර්තා