ගිනි අවි භාර දෙන්න- ආරක්ෂක අමාත්‍යාංශය

ගිනි අවි භාර දෙන්නැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් ආරක්ෂක අමාත්‍යාංශය දැනුම් දෙයි..

by Staff writer 07-10-2024 | 7:25 AM

Colombo (News1st) -ජීවිතාරක්ෂාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කර ඇති ගිනි අවි සහ ඔවුන්ට මිලදී ගැනීමට අවසර දුන් රිපීටර් වර්ගයේ ගිනි අවි යළි භාර දෙන්නැයි, ආරක්ෂක අමාත්‍යාංශය දැනුම් දී තිබේ.

අමාත්‍යාංශය ප්‍රකාශ කළේ, ජීවිත ආරක්ෂාව සඳහා සිවිල් වැසියන්ට ලබා දී ඇති සියලුම වර්ගයේ ගිනි අවි සහ පතොරම් තාවකාලිකව රජය වෙත භාර ගැනීම මේ වනවිට සිදුවන බවයි.

ඒ අනුව, අදාළ ගිනි අවි සහ පතොරොම් නොවැම්බර් 7 වැනිදාට පෙර රජයේ වාණිජ පුපුරණ ද්‍රව්‍ය ගබඩාව වෙත භාර දෙන්නැයි ගිනි අවි භාරකරුවන්ට දැනුම්දී ඇති බව එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ ය.

ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ, පුද්ගලයින් 1500 දෙනෙකු වෙනුවෙන් ගිනි අවි 1690 ක්, ගෙවුණු කාලය තුළ නිකුත් කර ඇති බවයි.

මින් ඉදිරියට බුද්ධි අංශ වාර්තා මත පදනම්ව පමණක් ගිනි අවි නිකුත් කිරීමට පියවර ගන්නා බව ආරක්ෂක අමාත්‍යංශය පැවසුවේ ය.