1937 දී ඉන්දියාවේ මුම්බායිහී සම්ප්‍රදායික පර්සි පවුලක උපත ලැබූ රතන් ටාටා අමෙරිකාවේ කෝනෙල් විශ්වවිද්‍යාලයේ ගෘහ නිර්මාණ ශිල්පය සහ ව්‍යුහාත්මක ඉංජිනේරු විද්‍යාව හදාරා ඇත.
1990 දී ටාටා සමූහයේ සභාපතිවරයා ලෙස පත්වූ ඔහු 2012 දක්වා එහි රැඳී සිට ඇතැයි සඳහන්.
ටාටා සමූහය යනු ඉන්දියාවේ විශාලතම සමාගම්වලින් එකක් වන අතර එහි වාර්ෂික ආදායම ඩොලර් බිලියන 100 ඉක්මවන බව වාර්තා වේ.
ව්‍යාවසායකත්වය අගයමින් 2000 වසරේදී පද්ම භූෂණ සම්මානයෙනුත් 2008 දී පද්ම විභූෂණ සම්මානයෙනුත් පිදුම් ලැබූ රතන් ටාටා ඉන්දියාවේ ජාත්‍යන්තරව පිළිගත් ව්‍යාපාරික නායකයන්ගෙන් කෙනෙකි.
ව්‍යාපාරික රතන් ටාටාගේ අභාවය වෙනුවෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී ද සිය ශෝකය පළ කර තිබේ.
ව්‍යාපාරික ලෝකයට අපරිමිත දායකත්වයක් දුන් රතන් ටාටා මිය යන විට ඔහුගේ වයස අවුරුදු 86 කි.