ඒ , ඉදිරියේදී එම ගම්මාන ඉලක්ක කරගනිමින් ප්‍රහාර එල්ල කරන බවට, අනතුරු අඟවමින් ය.
ගෙවුණු මාසයේ අවස්ථා කිහිපයකදීම ඊශ්‍රායලය, ලෙබනන වැසියන්ට මෙවැනි දැනුම් දීම් සිදු කළේ ය.
මේ අතර ප්‍රංශ, ඉතාලි සහ ස්පාඤ්ඤ රාජ්‍ය නායකයින් ඊශ්‍රායලයේ ක්‍රියා කලාපය හෙලා දකිමින්, ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කර ඇත.
ඊශ්‍රායලය එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා භටයින් ඉලක්ක කර, ප්‍රහාර එල්ල කිරීම සාධාරණීකරණය කළ නොහැකි බව පවසමින් එම ප්‍රකාශය නිකුත් කර තිබේ.
මේ වන විට ඊශ්‍රායල ප්‍රහාර හමුවේ තුවාල ලබා ඇති ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අන්තර්වාර බලකා සාමාජිකයින් සංඛ්‍යාව 5 ක්, දක්වා ඉහළ ගොස් ඇත.
තුවාල ලැබූ පිරිස අතරට ශ්‍රී ලංකික හමුදා සෙබළුන් දෙදෙනෙකු සහ ඉන්දුනීසියානු හමුදා සෙබළුන් දෙදෙනෙකු ඇතුළත් ය.
අදාළ ප්‍රදේශයෙන් ඉවත් වන්නැයි ඊශ්‍රායලය සාම සාධක භටයින්ට දැනුම් දී ඇතත්, දේශසීමා කලාපයේ රැඳී සිටීමට ඔවුන් ඒකමතික තීරණයක් ගෙන ඇති බව ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අන්තර්වාර බලකාය සදහන් කළේ ය.