හිස්බුල්ලා සටන්කාමීන්ගෙන් ඊශ්‍රායලයට ප්‍රහාර

හිස්බුල්ලා සටන්කාමීන්ගෙන් ඊශ්‍රායලයට ප්‍රහාර: හමුදා සාමාජිකයින් 4ක් මරුට...

by Staff writer 14-10-2024 | 8:33 AM

COLOMBO ( News 1st ) - ඊශ්‍රායලයේ හමුදා කඳවුරක් ඉලක්ක කර හිස්බුල්ලා සටන්කාමීන් එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් හමුදා සෙබළුන් 4 දෙනෙකු මියගොස් තිබේ.

ඉන්, තුවාල ලැබූ සංඛ්‍යාව, 61කි.

ඊශ්‍රායල ඉලක්ක කිහිපයකට ප්‍රහාර එල්ල කළ බව ප්‍රකාශයක් නිකුත් කරමින් හිස්බුල්ලා සංවිධානය සඳහන් කළේ ය.

පැය 24 ක් තුළ ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් ලෙබනන වැසියන් 51 දෙනෙකු ද මිය ගොස් තිබේ.

මේ අතර ඊශ්‍රායලයට මිසයිල නාශක පද්ධතියක් ලබාදෙන බව, පෙන්ටගනය නිවේදනය කළේ ය.

ඒ, අදාළ වෘත්තීයමය නිපුණත්වයක් සහිත පිරිසක් ද, එරටට යොමු කරමිනි.

වහාම ඊශ්‍රායල ප්‍රහාර නතර නොකළහොත්, කලාපීය යුද්ධයක් ඇති වීම නොවැළැක්විය හැකි බව එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා ප්‍රකාශ කළේ ය .