.webp)
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ, වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීමේදී පළාත් අතර සම්බන්ධතාවයක් නොමැති වීම ජනතාව මුහුණ දෙන ප්‍රධානතම ගැටලුවක්ව පැවති බවයි.
ඒ අනුව මහාමාර්ග, වරාය හා ගුවන් සේවා අමාත්‍ය විජිත හේරත් මහතා විසින් බස්නාහිර පළාත ද අනිකුත් පළාත් සමග සම්බන්ධ කිරීමට අවශ්‍ය කටයුතු කරන ලෙස බස්නාහිර පළාත් ආණ්ඩුකරවරයාට උපදෙස් ලබා දී තිබේ.
බස්නාහිර පළාතේ වාහන හිමිකරුවෙකුගේ වාහනයක් මීට පෙර ලියාපදිංචි වී ඇත්තේ වෙනත් පළාතක නම් එම පළාතෙන් ආදායම් බලපත්‍රය ලබා ගැනීම, කාලය, ශ්‍රමය, ධනය වැය වන ඉතා දුෂ්කර කටයුත්තක් බවට ජනතාව මැසිවිලි නගන බැවින් එම දුෂ්කරතාවය පිළිබඳව අවධානය යොමු කරමින් ප්‍රවාහන අමාත්‍යවරයා මෙම පියවර ගෙන ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.