උතුරු ගාසා තීරයේ 1000කට වැඩි පිරිසක් මරුට

පැය 24ක් තුළ ඊශ්‍රායල ප්‍රහාරවලින් උතුරු ගාසා තීරයේ 1000කට වැඩි පිරිසක් මරුට

by Staff writer 29-10-2024 | 8:26 AM

COLOMBO ( News 1st ) - ඊශ්‍රායල හමුදා වැටලීම් හමුවේ කළ ප්‍රහාරවලින් උතුරු ගාසා තීරයේ පුද්ගලයින් 1000කට වැඩි පිරිසක් මියගොස් තිබේ.

ඒ, පැය 24 ක් තුළයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ , රෝහල්වලට සහ අවතැන්වූවන් නවාතැන් ගෙන සිටි පාසල්වලට ප්‍රහාර එල්ල වී ඇති බවය.

මිය ගිය අය අතරින් බහුතරය කාන්තාවන් සහ ළමුන්ය.

තවත් විශාල පිරිසක් තුවාල ලබා තිබේ.

මේ අතර එක්සත් ජාතීන්ගේ පලස්තීන සරණාගත ඒජන්සිය ඊශ්‍රායලය සහ ඊශ්‍රායලය විසින් අල්ලාගෙන සිටින නැගෙනහිර ජෙරුසලම තුළ ක්‍රියාත්මක වීම තහනම් කරමින් ඊශ්‍රායල පාර්ලිමේන්තුව පනතක් සම්මත කර තිබේ.

ඒ අනුව ගාසා තීරයේ සහ ඊශ්‍රායලය විසින් අත්පත් කරගෙන ඇති බටහිර ඉවුරේ ක්‍රියාත්මක වීමට එම ඒජන්සියට ඇති හැකියාව දැඩි ලෙස සීමා කර ඇතැයි සඳහන් විය.