දුම්රිය වර්ජනය තාවකාලිකව අත්හිටුවයි

දුම්රිය ස්ථානාධිපතිවරුන් ආරම්භ කළ වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණයක්..

by Staff writer 31-10-2024 | 8:41 AM

COLOMBO ( News 1st ) - දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ආරම්භ කළ වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ.

ඒ, අදට යෙදී තිබෙන දීපවාලි උත්සවය වෙනුවෙනි.

උසස් වීම් හා බඳවා ගැනීමේ ගැටලු කිහිපයක් සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදයකට විසඳුම් ඉල්ලමින් ඊයේ (30) පස්වරුවේ සිට රාත්‍රී 10.00 තෙක් අදාළ වැඩ වර්ජනය ක්‍රියාත්මක විය.

අදාළ වැඩවර්ජනය සඳහා අද (31) දිනය තුළ නිසි විසඳුමක් ලබා නොදෙන්නේ නම් හෙට දිනයේ නැවත වැඩ වර්ජනය ආරම්භ කරන බව එම සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා ප්‍රකාශ කරන ලදී.