දුම්රිය පීලි පැනීම් ඉහළ යාමට හේතුව ?

දුම්රිය පීලි පැනීම් ඉහළ යාමට හේතුව නඩත්තු පැහැර හැරීමයි.. - දුම්රිය දෙපාර්තමේන්තුව

by Staff writer 01-11-2024 | 11:46 AM

Colombo (News1st )-

දුම්රිය එන්ජින් හා මැදිරි නිසි ලෙස නඩත්තු නොකිරීම බොහොමයක් දුම්රිය පීලි පැනීම්වලට හේතුව බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.  

එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි එන්.ජේ.ඉඳිපොලගේ මහතා සඳහන් කළේ, කාර්ය මණ්ඩල හා අමතර කොටස් හිඟය හේතුවෙන් මෙම තත්ත්වය හටගෙන ඇති බවයි.

වසරේ මේ දක්වා කාලය තුළ දුම්රිය පීලි පැනීම් 76 ක් සිදුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ ය.