ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්රධානත්වයෙනි.
එම මාර්ගය වසා දමා තිබුණේ, පැවති යුදමය වාතාවරණය හේතුවෙනි.
උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේදනායගම් මහතා ජනාධිපතිවරයාගෙන් කළ ඉල්ලීමකට අනුව මාර්ගය විවෘත කෙරුණි.
පවතින ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් සොයා බලා එම මාර්ගය විවෘත කිරීමට අදාළ කටයුතු යොදන්නැයි ජනාධිපතිවරයා ආරක්ෂක ප්රධානීන්ට උපදෙස් දී තිබේ.
ඒ අනුව අද (01) එම මාර්ගය විවෘත කෙරුණේ, ආරක්ෂක ලේකම්වරයාගෙන් මැදිහත්වීමෙනි.