පරිගණක අපරාධවලට අත්අඩංගුවට ගත් චීන ජාතිකයින්ට ඇප

පරිගණක අපරාධ සිද්ධි රැසකට අත්අඩංගුවට ගත් චීන ජාතිකයින් 130 දෙනා දැඩි ඇප කොන්දේසි මත අද මුදා හැරේ..

by Staff writer 20-11-2024 | 10:48 PM

COLOMBO (News 1st) – පරිගණක

අපරාධ සිද්ධි රැසක් සම්බන්ධයෙන් මහනුවර කුණ්ඩසාලේ සුඛෝපභෝගි හෝටලයකදී අත්අඩංගුවට ගත් චීන ජාතිකයින් 130 දෙනා අද දැඩි ඇප කොන්දේසි මත අද මුදා හැරිණ.

ඒ , ඔවුන් තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

පසුගිය ඔක්තෝබර් 12 වැනිදා ඔවුන් මහනුවර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය හා වි⁣ශේෂ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට  ගෙන මේ දක්වා දින 38ක් රක්ෂිත බන්ධනාගාරගත කර සිටියේ ය.

සැකකරුවන් අතරට චින ජාතික තරුණයන් 108 දෙනෙක් හා චින ජාතික තරුණියන් 22 දෙදෙනෙකු ඇතුළත් ය.

තෙල්දෙණිය  මහේස්ත්‍රාත් දිසා විනිසුරු දේවිකා චතුරාංගනි ජයවර්ධන මහත්මිය නියෝග කළේ,  රුපියල් 75,000 මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ දහයක පොද්ගලික ඇපයක් මත සැකකරුවන් මුදා හැරීමටයි.

සැම මසකම අවසන් ඉරුදින මහනුවර පරිඝණක ඒකයට වර්තා කරන ලෙසත් මහේස්ත්‍රාත්වරිය නියෝග කළා ය.  

සැකකරුවන්ට විදෙස් ගමන් තහනම් කළ මහේස්ත්‍රාත්වරිය පෙබරවාරි 05 යළි අධිකරණයේ පෙනි සිටින්නැයි නියෝග කළා ය.