කාතානායක අශෝක රන්වල,නි. කතානායකවරා මොහොමඩ් රිස්වී

10 වැනි පාර්ලිමේන්තුවේ කාතානායක ධුරය ආචාර්ය අශෝක රන්වලට, නියෝජ්‍ය කතානායකවරා ධුරය මොහොමඩ් රිස්වී සාලීට

by Staff writer 21-11-2024 | 11:15 AM

COLOMBO (News 1st) - 10 වැනි පාර්ලිමේන්තුවේ නව කාතානායකවරයා ලෙස ආචාර්ය අශෝක රන්වල මහතා පත් කර තිබේ.

ඒ, ආග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ඉදිරිපත් කළ යෝජනාවකට අනුවයි.

එය අමාත්‍ය විජිත හේරත් මහතා ස්ථීර කළේ ය.

ඉන් අනතුරුව කතානායකවරයා ඉදිරියේ නව මන්ත්‍රීවරු දිවුරුම් දීම සිදු විය.

10 වැනි පාර්ලිමේන්තුවේ නව නියෝජ්‍ය කතානායකවරා ලෙස මොහොමඩ් රිස්වී සාලී මහතා පත් කෙරුණි.

ඒ, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ඉදිරිපත් කළ යෝජනාවකට අනුවයි.

එම යෝජනාව ස්ථීර කළේ, අමාත්‍ය සරෝජා සාවිත්‍රී පෝල්රාජ් මහත්මිය විසිනි.

10 වැනි පාර්ලිමේන්තුවේ නව කාරක සභා නියෝජ්‍ය සභාපති ධුරයට පත් කෙරුණේ හේමාලි වීරසේකර මහත්මියයි.

ඒ, අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා කළ යෝජනාවකට අනුවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්මලී ගුණසිංහ මහත්මි විසින් එම යෝජනාව ස්ථීර කළේ ය.

ඉන් අනතුරුව කතානායකවරයා විසින් ජනාධිපතිවරයාගේ නිවේදන ඉදිරිපත් කරනු ලැබීය.

ඒ අනුව ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව 10 වැනි පාර්ලිමේන්තුවේ නව සභා නායක ලෙස බිමල් රත්නායක මහතා කර ඇති බව සඳහන් විය.

අණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස පත් කරණු ලැබ ඇත්තේ අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතායි.

10 වෙනි පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ලෙස සජිත් ප්‍රේමදාස මහතා පිළිගන්නා බව කතානායකවරයා පාර්ලිමේන්තුවට දන්වා තිබේ.

පාර්ලිමේන්තු කටයතු පෙරවරු 10 .32 කට කල්තැබු අතර නැවත පෙරවරු 11.20 ට ආරම්භ වීමට නියමිතයි.

ඉන් අනතුරුව, පෙරවරු 11.30ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරනු ඇති.