මුදල් වංචා කිරීම් මූලික කරගනිමින් එම දුරකතන ඇමතුම් හෝ කෙටි පණිවුඩ ලැබෙන බව එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ ය.
විදෙස් දුරකතන අංක යොදාගනිමින් පැමිණෙන වට්ස්ඇප් කෙටි පණිවුඩ ඔස්සේ වැඩි වශයෙන් මුදල් වංචා කිරීම් සිදුවන බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ප්‍රකාශ කරන ලදී.
එම කොමිෂන් සභාව මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, අනන්‍යතාව තහවුරු නොවූ කිසිඳු පුද්ගලයෙකු සමග වට්ස්ඇප් ඔස්සේ මුදල් ගනුදෙනු තොරතුරු හුවමාරු නොකරන ලෙසයි.
මේ අතර විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අනුමැතිය නොමැති, ජංගම දුරකතන භාවිතය ද දිනෙන් දින ඉහළ යන බවට හඳුනාගෙන ඇත.
ඉදිරි දිනවලදී ඊට අදාළව පවතින නීති නිසියාකාරව ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව එම කොමිෂන් සභාව සඳහන් කළේ ය.
නවතම ජංගම දුරකතන ආනයනය කිරීම වෙනුවට වෙනත් රටවල භාවිත කරන ලද ජංගම දුරකතන, නිසි ක්‍රමවේදවලින් බැහැරව මෙරටට රැගෙන ඒම තුළින් අදාළ ගැටලුව උද්ගතව ඇතැයි සඳහන් වේ.
ජනතාව මිලදී ගත යුත්තේ කොමිසම විසින් අනුමත කරන ලද ජංගම දුරකතන පමණක් බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි.