දෙසැම්බර් 20 වැනි දා දක්වා පවත්වන බව එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ය.
විභාගය කල්දමන ලෙස විවිධ පාර්ශ්ව ඉල්ලීම් ඉදිරිපත් කළත්, ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ඉකුත් මාර්තු මස ගත් තීරණයට අනුව උසස් පෙළ විභාගයේ පූර්ව සූදානම් කටයුතු සියල්ල මේ වනවිටත් අවසන් කර ඇති බව එම නිවේදනයේ සඳහන් විය.
මෙම විභාගය පැවැත්වෙන දින වකවානු අනුව ඉදිරියේදී පැවැත්වීමට නියමිත සාමාන්‍ය පෙළ විභාගය ඇතුළුව සෙසු විභාග රැසක් සඳහා දින තීරණය කර ඇති බවත්, උසස් පෙළ විභාගය කල් දැමීමට කටයුතු කළහොත් එමගින් ඉදිරි විභාග වැඩසටහන ද සම්පූර්ණ වශයෙන්ම අක්‍රමවත් වන බවත් එහි වැඩිදුරටත් දැක්වේ.