10 වැනි පාර්ලිමේන්තුවේ අභිනව සභාවාරය අද..

10 වැනි පාර්ලිමේන්තුවේ අභිනව සභාවාරය අද..

by Staff writer 21-11-2024 | 7:39 AM

COLOMBO ( News 1st ) - 10 වැනි පාර්ලිමේන්තුවේ අභිනව සභාවාරය අද (21) පෙරවරු 10.00 ට ආරම්භ වේ.

එහිදී පළමු කාර්ය වන්නේ කතානායකවරයෙක් තෝරා පත් කර ගැනීමයි.

කතානායකවරයා ශ්‍රී ලංකාවේ තුන්වන පුරවැසියා ලෙස සැලකෙයි.

ඒ අනුව ජනාධිපති සහ අග්‍රාමාත්‍යවරයාට පසුව වැඩිම පිළිගැනීමක් ඇති පුරවැසියා වන්නේ, කතානායකවරයායි.

1931 වසරෙන් ඇරඹුණු ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසය පුරා කතානායකවරුන් ලෙස මන්ත්‍රීවරුන් 21 දෙනෙකු කටයුතු කර තිබේ.