ඒ පෙරේද ජනාධිපති යූන් සුක් යෝල් විසින් හදිසියේ පැනවූ යුධ නීතිය සම්බන්ධයෙන් ප්‍රශ්න කරමින්.
මාධ්‍ය නිදහස සහ දේශපාලන ක්‍රියාකාරකම් තහනම් කළ යුද නීතිය සම්බන්ධ නිවේදනය අනුමත කරමින් තමන් ඊට අත්සන් තැබුවද ඒ පිළිබඳව නිසි අවබෝධයක් නොතිබූ බව ඔහු පවසයි.
තමන්ට ලැබුණු දුරකථන ඇමතුමක් පාදක කරගනිමින් ඊට අනුමැතිය ලබාදුන් බවද හමුදා ප්‍රධානී පාක් අන් සූ සඳහන් කළේ ය.
අදාල ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් ඇතැම් මන්ත්‍රීවරුන් සඳහන් කළේ හමුදා ප්‍රධානියා වහාම අත්අඩංගුවට ගත යුතු බවයි.
මේ අතර දකුණු කොරියාවේ හිටපු ආරක්ෂක අමාත්‍යවරයාට විදෙස් ගමන් තහනමක් පනවා තිබේ.
ඒ ඔහු ආරක්ෂක අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී පැය කිහිපයක් ගත වීමටත් පෙරයි.
අඟහරුවාදා රාත්‍රියේ යුධ නීතිය පැනවීමෙන් පසු රටේ ඇතිවූ අර්බුධයෙදී තමාගේ භූමිකාව සම්බන්ධයෙන්, හිටපු ආරක්ෂක අමාත්‍ය කිම් යොන් හියොන් මහජනතාවගෙන් සමාව ඉල්ලා තිබුණි.
එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා උපුටා දක්වමින් දකුණු කොරියානු මාධ්‍ය වාර්තා කර ඇත්තේ, යුධ නීතිය පැනවීමේ අදහස ජනාධිපතිවරයාට යොමු කළේ හිටපු ආරක්ෂක අමාත්‍යවරයා බවයි.
මේ අතර ජනාධිපතිවරයා හදිසියේ යුධ නීතිය පනවමින් සිදු කළ අර්බුදය සම්බන්ධයෙන් මේ වනවිට එරට පොලීසිය විසින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.