COLOMBO (News 1st) - පසුගිය දා ඇති වූ ගංවතුරෙන් තම වගා බිම්වලට හානි වූ බවට ගොවීන් ලක්ෂයකට අධික සංඛ්‍යාවක් පැමිණිලි කර ඇති බව කෘෂිකාර්මික සහ ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.
එහි සභාපති පේමසිරි ජයසිංහාරච්චි මහතා සඳහන් කළේ, ඔවුන්ගේ ගොවිබිම් අක්කර දෙලක්ෂකට අධික සංඛ්‍යාවක් හානියට පත්ව ඇති බවය.
මේ පිළිබඳ තක්සේරු කිරීම් අද (11) සිට ආරම්භ කරන බව ඔහු ප්‍රකාශ කළේ ය.