COLOMBO (News 1st) - ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඡන්ද බලය හිමි සාමාජිකයින් සංඛ්‍යාව අඩු කිරීමට එම ආයතනය තීරණය කර තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 147ක් ලෙස ඡන්ද බලය හිමි සාමාජිකයින් සංඛ්‍යාව 60ක් දක්වා අඩු කිරීමට මෙලෙස තීරණය කර ඇත.
ඒ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (20) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ය.
එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ව්‍යවස්ථාවට සැලකිය යුතු සංශෝධන කිහිපයක් ද සිදු කළ බව එම නිවේදනයේ සඳහන් විය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අද (20) පැවැති විශේෂ මහා සභා රැස්වීමකදී මෙම තීරණවලට එළැඹ තිබේ.
විශ්‍රාමලත් අභියාචනාධිකරණ විනිසුරු මාලනී ගුණරත්න මහත්මිය සහ තවත් සාමාජිකයින් සිව්දෙනෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් 2025 වසර සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා නිලවරණ කමිටුව ද විශේෂ මහා සභා රැස්වීමේදී පත් කළ බවට එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් විය.