රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, ඒ අනුව අද රාත්‍රියේ මෙට්‍රික් ටොන් 780 ක සහල් තොගයක් මෙරටට ළඟා වන බවයි.
එම තොග හෙට (26) සිට බෙදා හැරීමට නියමිතයි.
මේ අතර පෞද්ගලික අංශය මැදිහත්ව ආනයනය කළ සහල් මෙට්‍රික් ටොන් 67,000 ක් මේ වනවිට බෙදා හරිමින් පවතී.
රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසුවේ කොළඹ වරායේ ගොඩගැසුණු සහල් තොග අද සිට නිෂ්කාෂණය ආරම්භ කරන බවයි.
සහල් ආනයනයට දී ඇති අවසරය ලබන මස 10 වැනිදා දක්වා දීර්ඝ කිරීමට කැබිනට් මණ්ඩලය පසුගියදා තීරණය කළේ ය.