ඒ, පොලීසිය හා නාවික හමුදාව කළ මෙහෙයුමකිනි.
පොලීසිය පැවසුවේ, සැකකාර නාවික හමුදා සෙබළා සිය කඳවුරේ සිට කොළඹට භාණ්ඩ රැගත් ලොරියකින් පැමිණෙමින් සිටියදී රාජකාරි ගිනි අවිය සහ උණ්ඩ 30 සහිත මැගසිනයක් ද සමග වරකාපොළ පොලිස් බල ප්රදේශයේදී ඊයේ(24) අතුරුදන් වූ බවයි.
ලොරියේ රියැදුරා ලෙස කටයුතු කළ නාවික හමුදා සෙබළා සිය සහයක සෙබලා අතුරුදන්ව ඇතැයි පොලීසියට කළ පැමිණිල්ලක් අනුව විමර්ශන ආරම්භ කර තිබුණි.
පොලීසිය සඳහන් කළේ, සැකකාර සෙබළා බිරිඳ සමග ඇතිකර ගත් ආරවුලක් මත ඇය ඝාතනය කරන්නට ගිනි අවිය රැගෙන යන්නට ඇතැයි සැකකරන බවයි.
එලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ, ත්රිකුණාමලය ප්රදේශයේ නාවික හමුදා කඳවුරකට අනියුක්තව සේවය කරන නාවික හමුදා සෙබළෙක් ය.