රජයේ මිනින්දෝරුවන් අද ලෙඩ නිවාඩු..

රජයේ මිනින්දෝරුවන් අද ලෙඩ නිවාඩු දැමීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක..

by Staff writer 13-02-2024 | 9:31 AM

COLOMBO (News 1st) - රජයේ මිනින්දෝරු සංගමය අද (13)ලෙඩ නිවාඩු වාර්තා කර වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළැඹීමට තීරණය කර තිබේ. 

ඒ, රජයේ මිනුම් වැඩ පෞද්ගලීකරණය කිරීම වහා නැවැත්වීම ඇතුළු ඉල්ලීම් 3ක් මුල් කර ගනිමින් ය.

රජයේ මිනින්දෝරු සංගමයේ සභාපති දුමින්ද උඩුගොඩ මහතා පැවසුවේ , මේ සම්බන්ධ‍යෙන් බලධාරීන්ගෙන් සාධාරණ විසදුමක් ලැබී නොමැති බවයි.