ඊයේ (31) ඉරානයේ උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලයේ හදිසි රැස්වීමකදී කමේනි මෙම නියෝගය ලබා දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
හනියේගේ ඝාතනය සම්බන්ධයෙන් ඉරානය සහ හමාස් සංවිධානය සෘජුවම චෝදනා කරන්නේ ඊශ්‍රාලයටය.
නමුත් එම චෝදනාව මෙතෙක් ඊශ්‍රායලය පිළිගෙන හෝ ප්‍රතික්ෂේප කර නැත.
හනියේගේ ඝාතනය සම්බන්ධයෙන් ඉරානය, යේමනය, සිරියාව සහ ඉරාකය ඇතුළු මිත්‍ර හමුදා සිටින අනෙකුත් රාජ්‍ය සියල්ලම ඒකාබද්ධව ඊශ්‍රාලයට ප්‍රහාර එල්ල කිරීමට සැළසුම් කරන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.
ඉරානයේ නව ජනාධිපතිවරයාගේ පදවි ප්‍රාප්තිය සඳහා ටෙහෙරානයට පැමිණ සිටිය දී ඊයේ අළුයම 02ට පමණ හමාස් දේශපාලන නායකයා ඝාතනය කෙරුණි.