කතරගම මහා දේවාලයෙන් අපේක්ෂාවට තිළිණයක්..

කතරගම මහා දේවාලයෙන් අපේක්ෂාවට තිළිණයක්..

by Staff writer 02-01-2025 | 9:37 PM

COLOMBO (News 1st) –පිළිකා රෝගී දරුවන්ගේ ඇට මිදුලු සහ රුධිර ජනන සෛල බද්ධ කිරීම සදහා මෙරට රෝහලක ආරම්භ කල පළමු ඒකකය අද මහරගම අපේක්ෂා රෝහලේදී විවෘත කෙරිණ.

මේ ඒකකය ඉදි කෙරුණේ , කතරගම මහා දේවාලයට බැතිමතුන් කළ පරිත්‍යාගවලින් ය.

කල් තියා සිදුකරන ඇට මිදුලු හා රුධිර ජනන සෛල බද්ධ කිරීමකින් පිළිකා රෝගී දරුවන්ගෙන් විශාල පිරිසකට සුවය ලැබීමේ අවස්ථාවක් පවතියි.

දරුවන් වෙනුවෙන් මෙවැනි සැතකම් සිදුකිරීම සදහා මේ දක්වා විදේශ ගතවීමට සිදුවූ අතර එය රුපියල් කෝටියකට අධික වියදමක් දැරීමට සිදුවන ක්‍රියාවලියකි.

මහරගම අපේක්ෂා රෝහලේ අද විවෘත කළේ, මෙරට ඉදි කළ ප්‍රථම දරුවන් සඳහාවූ ඇට මිදුලු හා රුධිර ජනන සෛල බද්ධ කිරීමෙ ඒකකයි.

දරුවන් සිව් දෙනෙකුට එකවර ප්‍රතිකාර කිරීමේ පහසුකම් මේ ඒකකය සතුව පවතියි.

ඓතිහාසික රුහුණු මහා කතරගම මහා දේවාලයට බැතිමතුන්ගෙන් ලැබෙන පරිත්‍යාග මේ සඳහා වෙන් කෙරුණු අතර ඉදිකිරීම් සිදුකළේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවයි.