එහි නියොජ්‍ය අමාත්‍ය ආර්.එම් ජයවර්ධන මහතා සඳහන් කළේ, රජයේ වී ගබඩා ප්‍රමාණය ඉහළ දැමීමට සහ සතොස හරහා සහල් අලෙවි කිරීමේ කටයුතු පුළුල් කිරීමට කටයුතු යොදා ඇති බවයි.
පෙර වසරවලට සාපේක්ෂව වැඩි වී අස්වනු ප්‍රමාණයක් ගොවීන්ගෙන් මිලදී ගැනීමට කටයුතු යොදන බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ය.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, භාවිතයට නොගෙන විනාශ වෙමින් පවතින වී ගබඩා පිළිසකර කිරීම ද සැලසුම් කරන බවයි.
පසුගිය වසර කිහිපය තුළ වී අලෙවි මණ්ඩලය සඳහා වෙන් කර තිබූ තුළ රුපියල් මිලියන 28,000ක මුදලක් අවභාවිත වී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි ද නියෝජ්‍ය අමාත්‍ය R.M ජයවර්ධන මහතා පැවසුවේ ය.
එම අක්‍රමිකතා පිළිබඳ විමර්ශන ක්‍රියාත්මක බවත් ඉදිරියේදී විනිවිදභාවයකින් යුතුව වී අලෙවි මණ්ඩලය කටයුතු කරනු ඇති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.