බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී. දිසානායක මහතා පැවසුවේ මෙම හදිසි තත්ත්වය හේතුවෙන් පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය හා යුද්ධ හමුදාව බන්ධනාගාර පිටත ආරක්ෂාව තර කිරීමට කටයුතු කර ඇති බවයි.
ගසක අත්තක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරකින් මාතර බන්ධනාගාරයේ රැඳවියෙක් ඊයේ (01) රාත්‍රියේ මිය ගියේ ය.
මාතර මහ රෝහල සඳහන් කළේ, තවත් රැඳවියන් 11 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.
ඉන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව සඳහන් වේ.
ඊයේ(01) රාත්‍රී 10.30ට පමණ රැඳවියන් රදවා සිටින ගොඩනැගිල්ලක් මතට ගසක අත්තක් කඩා වැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.
අනතුර සිදුවන අවස්ථාවේ ගොඩනැගිල්ල තුළ රැඳවියන් 400කට අධික ප්‍රමාණයක් සිටි බව බන්ධනාගාර නිලධාරීන් ප්‍රකාශ කළේ ය.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ මාතර මිදිගම ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙකි.
මියගිය රැඳවියා මත්ද්‍රව්‍ය චෝදනාව මත මාස 02ක සිරදඬුවම් නියමව සිටි සිරකරුවෙක් වේ.
මේ වනවිට බන්ධනාගාරයේ ආරක්ෂාව සඳහා විශේෂ කාර්ය බලකාය මෙන්ම යුධ හමුදාවද යොදවා ඇති බව අප වාර්තාකරු සදහන් කළේ ය.