රුවන් වනිගසූරිය ජාතික බුද්ධි ප්‍රධානී තනතුරට..

මේජර් ජෙනරල් රුවන් වනිගසූරිය ජාතික බුද්ධි ප්‍රධානී තනතුරට...

by Staff writer 02-01-2025 | 9:26 PM

COLOMBO (News 1st) –ජාතික බුද්ධි ප්‍රධානි ලෙස මේජර් ජෙනරල් රුවන් වනිගසූරිය මහතා පත් කර තිබේ.

එම පත්කිරිම සිදු කර ඇත්තේ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ය.

රුවන් වනිගසූරිය මහතා සිය පත්විමේ ලිපිය ඊයේ ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා අතින් ලබා ගත්තේ ය.

1986 දී කාලතුවක්කු රෙජිමේන්තුවෙන් යුද හමුදාවේ රාජකාරී ආරම්භ කළ වනිගසූරිය මහතා කලක් හමුදා ප්‍රකාශක ලෙසද කටයුතු කළේ ය.

මානුෂීය මෙහෙයුම පැවති සමයේ උතුරේ බල සේනා දෙකකට අණදුන් ඔහු 2020 වසරේදී ස්වේච්ඡා බලසේනාධිපතිවරයා ලෙසද පත්විය.

එම වසරේ ඔක්තෝම්බර් මාසයේදී රුවන් වනිගසූරිය මහතා යුද හමුදා සේවයෙන් විශ්‍රාම ගත් අතර ජනාධිපතිවරයා විසින් අද සිට ක්‍රියාත්මක වන පරිදි ජාතික ඔහු ජාතික බුද්ධි ප්‍රධානී තනතුරට පත් කර තිබේ.

මේ දක්වා ජාතික බුද්ධි ප්‍රධානියා ලෙස කටයුතු කළේ, මේජර් ජෙනරල් රුවන් කුලතුංග මහතායි.