COLOMBO (News 1st) - හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ බිරිඳ ඇතුළු පවුලේ සාමාජිකයින්ගේ බැංකු ගිණුම් හා ජීවිත රක්ෂණ ඔප්පු ක්‍රියාත්මක වීම වළක්වාලමින් පනවා තිබූ තහනම් නියෝගය තවත් මාස 3ක් දක්වා යළි දීර්ඝ කිරීමට කොළඹ මහාධිකරණය අද(03) නියෝග කර තිබේ.
ඒ, අල්ලස් කොමිසම කළ ඉල්ලීමක් සලකා බලමිනි.
අප්‍රේල් 2 වැනි දා දක්වා බලපැවැත්වෙන පරිදි එම නියෝගය නිකුත් කළේ ය.
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ කුසුම් ප්‍රියදර්ශනී ඈපා වීහේන, චමිත්‍රි ජයනිකා රඹුක්වැල්ල, චන්ද්‍රානි පමාලි රඹුක්වැල්ල, අමාලි නයනිකා රඹුක්වැල්ල හා ඉසුරු පුලත්සි බණ්ඩාර දෙහිදෙණිය යන අයගේ නමින් පවත්වාගෙන යන බැංකු ගිණුම් එලෙස අත්හිටුවා තිබේ.
මෙම බැංකු ගිණුම් සම්බන්ධව විමර්ශන කිරීමේදී සැක සහිත කරුණු අනාවරණය වී ඇතැයි විමර්ශන නිලධාරීන් අධිකරණයට මීට පෙර දැනුම් දී තිබුණි.