COLOMBO (News 1st) - අම්පාර News1st වාර්තාකරු අචල උපේන්ද්‍ර මහතාට පහරදීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගැණුනු පිරිසෙන් 4 දෙනෙකු ජනවාරි 7 දක්වා රක්ෂිත බන්ධානාගාරගත කර තිබේ.
සැකකරුවන් අද(03) අක්කරපත්තුව දිසා හා මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.
සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ සමන්තුරේ පොලීසිය විසින් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන එරගම පොලීසියට භාර දී තිබුණි.
වැඩිදුර විමර්ශන එරගම පොලීසිය විසින් ක්‍රියාත්මක කර තිබූ අතර එහිදී අචල උපේන්ද්‍ර මහතාට පහර දුන් තවත් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය 9 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසියේ පැවසුවේ, ඊයේ අත්අඩංගුවට ගැණුනු 6 දෙනාගෙන් එක් පුද්ගලයෙකු හා අද අත්අඩංගුවට ගැණුනු 3 දෙනෙකු සිද්ධියට සම්බන්ධ බවයි.
සෙසු සැකකාර පුද්ගලයින් 5 දෙනා පොලිස් ඇප මත මුදාහැර තිබේ.
ඒ අනුව අද දිනයේදී, පහරදීම සිදුකළ සැකකරුවන් 4 දෙනා අක්කරේපත්තුව දිසා හා මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණි.
ඔවුන් ජනවාරි 7 වැනි දා හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිතයි.