එහි අධ්යක්ෂ ජනරාල් ඉංජිනේරු අජිත් ගුණසේකර මහතා සඳහන් කළේ, ඒ සමගම පැවති අවදානම් තත්ත්වය පහව ගොස් ඇති බවයි.
අලුත්දිවුල්වැව, ගලෙන්බිඳුණුවැව පිහිටි දෙවැනි විශාලතම වැව මෙය වේ.
අක්කර අඩි 7000 ක වපසරියකින් සමන්විත එම වැව යටතේ යල - මහ දෙකන්නයේ වගා කෙරෙන කුඹුරු ප්රමාණය, අක්කර 400 ක්.
එහි වැව් බැම්මේ හටගත් සිදුරකින් ජලය කාන්දු වීමත් සමග පවුල් 49 ක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කෙරිණි.
මෙම කන්නයෙන් අනතුරුව එම වැව පූර්ණ ප්රතිසංස්කරණයකට ලක් කරන බව, වාරිමාර්ග අධ්යක්ෂ ජනරාල් ඉංජිනේරු අජිත් ගුණසේකර මහතා සඳහන් කළේ ය.