MTV මාධ්‍ය ජාලයට අයත් TV1 නාලිකාව ඔස්සේ මෙම තරගාවලිය ඔබ වෙත ගෙන ඒමට සූදානම්.
දකුණු අප්‍රිකාවේ සත්කාරකත්වයෙන් 2023 වසරේ පැවැති 19න් පහළ 20යි 20 බාලිකා පළමු ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයේදී ඉන්දියාව හමුවේ පරාජය වූයේ එංගලන්තයයි.
කණ්ඩායම් 16ක් මෙවර තරගාවලියට එක්වන අතර ඔවුන් තරග කරන්නේ A,B,C සහ D ලෙස කාණ්ඩ 04 කින් ය.
මනුදි නානායක්කාරගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම A කාණ්ඩයෙන් තරගවදියි.
එම කාණ්ඩයෙන් තරග කරන අනෙකුත් කණ්ඩායම් වන්නේ සත්කාරක මලයාසියාව, බටහිර ඉන්දීය කොදෙව් සහ වත්මන් ලෝක ශූර ඉන්දීය කණ්ඩායමයි.
එංගලන්තය, අයර්ලන්තය, අමෙරිකාව සහ පකිස්ථානය B කාණ්ඩයට අයත් වේ.
C කාණ්ඩය යටතේ තරග කරන්නේ නවසීලන්තය, නයිජීරියාව, සමෝවා සහ දකුණු අප්‍රිකාවයි.
ඔස්ට්‍රේලියාව, බංග්ලාදේශය, නේපාලය සහ ස්කොට්ලන්තය D කාණ්ඩයට ඇතුළත් වේ.
තරගාවලියේ පළමු දිනයේදීම එනම් හෙට(18) තරග 06ක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.
ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය අනිද්දා(19) පැවැත්වීමට නියමිතයි.
මලයාසියාව සමග ශ්‍රී ලංකාව තරගවදින එම තරගය මෙරට වෙලාවෙන් උදෑසන 8.00ට ආරම්භ වේ.
පෙබරවාරි 02 වැනි දා දක්වා පැවැත්වෙන මෙම තරගාවලියේ නිල දේශීය විකාශන අයිතිය හිමිව තිබෙන්නේ, සිරස TV, TV1 හා ශක්ති TV නාලිකා හිමි සීමාසහිත MTVචැනල් පුද්ගලික සමාගමටයි.