COLOMBO (News 1st) –
දුම්රිය ධාවනයට අදත් බාධා එල්ලවී තිබේ.ඒ , කාර්යාක්ෂමතා කඩඉම් විභාගයකට සහභාගි වන දුම්රිය රියැදුරන් පිරිසක් ද්විත්ව සේවා මුර වල නොයෙදීම සහ නිවාඩු දැමීම හේතුවෙන් ය.
දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා සඳහන් කළේ, මේ හේතුවෙන් ඊයේ දිනයේදී ද දුම්රිය ගමන්වාර රැසක් අවංගු කළ බවයි.
කෙසේවෙතත් නගරාන්තර දුම්රිය සහ දුර ගමන් සේවා දුම්රිය සැලසුම් කළ කාලසටහන් අනුව ධාවනයට උපරිම පියවර ගෙන තිබේ.
සාමාන්‍යාධිකාරිවරයා පැවසුවේ රාත්‍රි තැපැල් දුම්රිය සාමාන්‍ය කාල සටහන අනුව ධාවනය වන බවයි.
සදුඳා සිට දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදු කරන බව ධම්මික ජයසුන්දර මහතා කියා සිටියේ ය.
මේ අතර අද පෙරවරුවේ ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය ගමන්වාර 22 ක් අවලංගු කළ බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පැවසුවේ ය.