වික්ටර් අයිවන් අභාවප්‍රාප්ත වෙයි

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් අභාවප්‍රාප්ත වෙයි

by Staff writer 19-01-2025 | 5:45 PM

COLOMBO (News 1st) -ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදී වික්ටර් අයිවන් මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

අභාවප්ප්‍රාප්ත වන විට ඒ මහතාගේ වයස අවුරුදු 75 කි.

කරාපිටිය රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ, කලක් නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි ඒ මහතා අද පස්වරුවේ අභාවප්‍රාප්ත වූ බවයි.

රාවය පුවත්පතේ ප්‍රධාන කර්තෘ ලෙස කටයුතු කළ ඒ මහතා මෙරට ගවේෂණශීලී පුවත්පත් කලාවේ පුරෝගාමියෙකි.