අනුර ප්‍රියදර්ශන සහ බිරිඳ අධිකරණයට ඉදිරිපත් කෙරේ..

අත්අඩංගුවට ගත් අනුර ප්‍රියදර්ශන යාපා සහ ඔහුගේ බිරිඳ අධිකරණයට ඉදිරිපත් කෙරේ..

by Staff writer 23-01-2025 | 12:19 PM

COLOMBO (News 1st) -මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා සහ ඔහුගේ බිරිඳ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

අනුර ප්‍රියදර්ශන යාපා මහතා සහ බිරිඳ ඊයේ රාත්‍රි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ ය.

පොලිසිය පැවසුවේ, 2014 වසරේදී රුපියල් මිලියන 6.1ක මුදලක් අවභාවිත කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් ඔවුන් අත්අඩංගුවට ගැනුණු බවයි.