කරාපිටිය ජාතික රෝහලේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය එස්.ඩී.යූ.එම්. රංග මහතා සඳහන් කළේ, පසුගිය මාසයේ සිට මේ දක්වා වෛද්‍යවරුන්, හෙදියන්, කණිෂ්ඨ කාර්ය මණ්ඩල සේවකයන් ඇතුළු 70 දෙනෙකුට ඩෙංගු වැළදී ඇති බවයි.
මෙම තත්ත්වය තුළ මදුරුවන් බෝවන ස්ථාන විනාශ කර දැමීමේ මෙහෙයුමක් ද ආරම්භ කර තිබේ.
ගාල්ල දිස්ත්‍රික්කය තුළ පසුගිය සති තුන තුළදී ඩෙංගු බවට සැකකරන රෝගීන් 162 දෙනෙකු වාර්තා වී තිබේ.
එය ඉකුත් වර්ෂයේ මෙම කාලසීමාව හා සැසඳීමේදී ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක් ලෙස දැක්විය හැකියි.
ගාල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් ඉකුත් සති 3ක කාලය තුළදී ඩෙංගු බවට සැකකරණ රෝගින් 26 දෙනෙකු ද බෝපේ පොද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් ඩෙංගු බවට සැකකරණ රෝගීන් 20 නෙකු සහ අක්මීමන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් ඩෙංගු බවට සැකකරණ රෝගීන් 17 නෙකු වාර්තා වී තිබේ.