පාලම් ව්‍යාපෘතියක් අතරමග නවතී..

නෙදර්ලන්ත ආධාර මත ක්‍රියාත්මක පාලම් ව්‍යාපෘතියක් අතරමග නවතී - පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය

by Staff writer 24-01-2025 | 10:10 AM

COLOMBO (News1st) - නිසි සැලසුමක් නොතිබීම හේතුවෙන් නෙදර්ලන්ත ආධාර ඇතිව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කළ පාලම් ව්‍යපෘතියක් අතරමග නතර වී ඇති බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය පවසයි.

නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතා සඳහන් කළේ, 2021 වසරේ ආරම්භ කළ මෙම ව්‍යාපෘතිය 2024 වසරේ අවසන් කිරිමට නියමිතව තිබූ බවයි.

ව්‍යාපෘතියේදි පෙර සවි පාලම් 162 ක්  සවි කිරීමට නියමිතව තිබුණි.

ඒ සඳහා රුපියල් මිලියන 14112 ක මූල්‍යාධාරයක් නෙදර්ලන්ත රජය විසින් සිදු කළ අතර ඉන් 35%ක් ම ප්‍රදානයකි.

කෙසේ වෙතත් ඉන් සම්පූර්ණයෙන් ඉදිකිරීමට හැකිව ඇත්තේ පාලම් 101 ක් පමණක් බව නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතා පෙන්වා දී තිබේ.