ඒ රුපියල් ලක්ෂ 500 බැගින් වූ ශරීර ඇප දෙකක් මතයි.
සැකකාර යෝෂිත රාජපක්ෂ මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට අද(27) පෙරවරුවේ ඉදිරිපත් කෙරිණි.
යෝෂිත රාජපක්ෂ මහතා පෙරේදා(25) පෙරවරුවේ අත්අඩංගුවට ගැනුණේ බෙලිඅත්ත ප්රදේශයේදීයි.
එදින පස්වරුවේ සැකකරු අලුත්කඩේ අංක 5 අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු අද(27) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේ ය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා සඳහන් කළේ නීති විරෝධිව උපයා ගත් බව කියන රුපියල් මිලියන 34ක මුදලකින් රත්මලාන ප්‍රදේශයේ ඉඩමක් හා නිවසක් මිලදි ගැනීම සම්බන්ධයෙන් පවත්වන විමර්ශනයකට අදාළව ඔහු අත්අඩංගුවට ගත් බවයි.
ඔහු 2006 අංක 05 දරණ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනතට ගැනෙන වැරදි සිදු කොට ඇති බවට ප්‍රමාණවත් සාක්ෂි ඇති බැවින් නීතිපතිවරයාගේ උපදෙස් මත ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා එම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.