බඩ ඉරිඟුවලින් රට ස්වයංපෝෂිත කරන්න වැඩපිළිවෙළක්..

යල කන්නයේදී බඩ ඉරිඟු අස්වැන්නෙන් රට ස්වයංපෝෂිත කිරීමට විශේෂ වැඩපිළිවෙළක්..

by Staff writer 07-02-2025 | 7:03 AM

COLOMBO (News 1st) -එළැඹෙන යල කන්නයේදී බඩ ඉරිඟු අස්වැන්නෙන් රට ස්වයංපෝෂිත කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව කෘෂිකර්ම හා පශු සම්පත් අමාත්‍යාංශය පවසයි.

නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා සඳහන් කළේ , ඒ අනුව හෙක්ටෙයාර් 20000 ක බඩ ඉරිඟු වගා කිරීමට සැලසුම් කර ඇති බවයි.

බඩ ඉරිඟු අස්වැන්න මිලදී ගැනීමට රජය මැදිහත් වන බවද ඔහු කියා සිටියේ ය.