අඩු වෙන වතුර බිල...

මේ මාසය අවසානයට පෙර ජල ගාස්තුවේ අඩුවක් - නාගරික සංවර්ධන හා ඉදිකිරීම් අමාත්‍යාංශය

by Staff writer 08-02-2025 | 5:16 PM

COLOMBO (News 1st) - මේ මාසයේ අවසානයට පෙර ජල ගාස්තු අඩු කරන බව, නාගරික සංවර්ධන හා ඉදිකිරීම් අමාත්‍යාංශය පවසයි.

අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සඳහන් කළේ, අඩුවෙන් ජලය පරිභෝජනය කරන පුද්ගලයින්ට වැඩියෙන් වාසි සැලසෙන ලෙසට, ජල ගාස්තු අඩුකරන ලෙස උපදෙස් දී ඇති බවයි.

විදුලි බිල සියයට 20 කින් අඩු කිරීමත් සමඟ ජල ගාස්තු අඩු කිරීම පිළිබඳ යෝජනා කිහිපයක් ඉදිරිපත්ව ඇතැයි, අමාත්‍ය අනුර කරුණාතිලක මහතා ප්‍රකාශ කළේ ය.

අමාත්‍යවරයා උපදෙස් දී ඇත්තේ අනුව ජල සම්පාදන මණ්ඩලයේ කමිටුවක් හරහා එම සියලු යෝජනා සමාලෝචනය කර වාර්තාවක් ලබාදෙන ලෙසයි.

අමාත්‍යවරයා සඳහන් කළේ, ජල ගාස්තු තීරණය කිරීමේදී විදුලි බිල දායක වන්නේ, සියයට 40 කින් පමණක් බවයි.

නව මිල ගණන් ප්‍රකාශයට පත් කිරීමට නියමිත ඊට සමානුපාතිකවයි.