ගංගාරාම නවම් මහා පෙරහැර අද වීථි සංචාරය කෙරේ

ගංගාරාම නවම් මහා පෙරහැර අද රාත්‍රියේත් වීථි සංචාරය කෙරේ

by Staff writer 12-02-2025 | 6:42 AM

COLOMBO (News 1st) - කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ නවම් මහා පෙරහැර අද(12) රාත්‍රියේත් වීථි සංචාරය කෙරේ.

මෙරට බෞද්ධාගාමික උත්සව අතර හුණුපිටිය ගංගාරාමයේ නවම් මහ පෙරහැරට ද හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි.

මෙවර පෙරහැර පැවැත්වෙන්නේ, 46 වැනි වරටයි.

ගංගාරාම විහාරාධිපති පූජ්‍ය කිරින්දේ අස්සජි නාහිමියන්ගේ අනුශාසනා පරිදි සංවිධාන කළ පෙරහැර රාත්‍රී 7.00 ට වීථි සංචාරය ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.

ඊයේ රාත්‍රියේ පැවැති පෙරහැර නැරඹීමට විශාල පිරිසක් පැමිණ සිටියහ.

මේ අතර, ගංගාරාම නවම් මහා පෙරහැර හේතුවෙන් අදත් ගංගාරාමය අවට විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මකයි.

ඒ අනුව කොළඹ රාමනායක මාවත, හුණුපිටිය වැව පාර හන්දිය, ධර්මපාල මාවත, පාර්ක් වීදිය හන්දිය, යුනියන් පෙදෙසෙහි කොල්වින් ආර් ද සිල්වා මාවත, හයිඩ් පාර්ක් කෝනර් හන්දිය පෙරහැර පැවැත්වෙන කාලසීමාවේ තාවකාලිකව වසා තැබෙනු ඇති.