![sample image](https://cdn.newsfirst.lk/assets/NEWS-LOGO-Recovered%20(1).webp)
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් නව විමර්ශන කරුණු ඇත්නම් ඒ බව වාර්තා කරන ලෙස පොලීසියට දැනුම් දුන් බවයි.
පසුගිය සිකුරාදා වනතුරු එවැනි නව විමර්ශන සම්බන්ධයෙන් කිසිදු ගොනුවක් සිය දෙපාර්තමේන්තුවට ලැබී නොතිබූ බව ද නීතිපති දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
නීතිපති දෙපාර්තමේන්තුව පසුගිය දා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, එම නිදහස් කිරීම් නව සාක්ෂි හෙලිදරව්වීම මත අපරාධ චෝදනා ගොනුකිරීම සලකා බැලීමට බාධාවක් නොවන බවයි.
නීතිපතිවරයා වෙනුවෙන් රජයේ අධිනීතිඥ ඇන්ජලෝ වැන්හොෆ් මහතාගේ අත්සනින් මේ නිවේදනය නිකුත්කර තිබුණි.
ප්‍රේම් ආනන්ද උදලාගම නමැත්තා නීතිපතිවරයා විසින් නිදහස් කිරීමට නිර්දේශ කර ඇත්තේ ලසන්ත වික්‍රමතුංග මහතාගේ රියැදුරු පැහැර ගෙනයාම සම්බන්ධයෙන් ගොනුකර ඇති නඩුවට අදාළවයි.
ඔහු හඳුනාගැනීම සම්බන්ධයෙන් උද්ගතවූ නෛතික දුර්වලතා හේතුවෙන් අපරාධ චෝදනා ගොනු කිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි නොමැතිවීම නිසා නිදහස් කිරීමට තීරණය කළ බව නීතිපති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් විය.
එම නිවේදනයේ වැඩිදුටරත් දක්වා තිබුණේ, වික්‍රමතුංග මහතාගේ වාහනයේ තිබූ ලේඛනයක් අස්ථානගතවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දොන් තිස්සසිරි සුගතපාල හා සිරිමෙවන් ප්‍රසන්න නානායක්කාර යන දෙදෙනාද චෝදනා ගොනුකිරීමට ප්‍රමාණවත් සාක්ෂි නොමැතිවීම මත නිදහස් කිරීමට තීරණය කළ බවයි.